විවිධ රැකියාවල නිරත වූ ගැමියන් සිය දුක්බර ජීවන තොරතුරු ඇතුළත් කොට ප්‍රකාශයට පත් වූ ජීව වේදනාවන් අන්තර්ගත කාව්‍ය විශේෂයකි ජන කවි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ නිර්මාණකරුවකු දැකිය නො හැකිවීම යි. ඒ අනුව පැල් කවි කියූ තැනැත්තා ගොවියකු ලෙසත්, ගැල්කවි කියූ තැනැත්තා ගැල් කරුවකු ලෙසත්, පාරු කවි කියූ තැනැත්තා පාරුකරුවෙකු ලෙසත්, අපට හඳුනාගත හැකි ය. අව්‍යාජව, යථාර්ථවාදීව ජීවන තොරතුරු හෙළි කර, කාව්‍ය රිතිවලින් පීඩනයට පත් නොවී ගැමියන් නිදහසේ සිය කවි සිතිවිලි ප්‍රකාශයට පත් කර ඇති අතර අදහස් එක එල්ලේ ප්‍රකාශ කිරීමට තරම් නිහතමානී වූ බවක් ද ජනකවි තුළින් දිස්වේ.
පැල්කවි
කැලෑ එළිකර, හේන් වගා කොට, ඒවා කිරිවැදී එන කාලයට වන සතුන්ගෙන් වන හානි අවම කර ගැනීමට හේන මැද රූස්ස ගස් දෙබලක ගොවීහු පැල් තනති. එම තනන පැලේ රාත්‍රී කාලය ගෙවා දැමීමේදී ඇතිවන පාළුව කාන්සිය නිදිමත පලවා හැරීමට ඔවුහු පැල් කවි ගායනා කළහ. එක් ගොවියකු අරඹන පැල් කවිය ආසන්න ම අනෙක් හේනේ සිටින තැනැත්තා ද පිළිතුරු වශයෙන් කවියක් කියයි. හේන් යාය පුරා මෙලෙස දිගින් දිගටම කවි කියැවෙන විට කාන්සිය මඟහැරී සිතට සහනයක් සවියක් දැනෙයි. සතුන්ගේ පැමිණීම ද වැළකෙයි.
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ
හිරු දෙවියන් ගිරි මුදුනින් වඩින තුරා
සඳ දෙවියන් තරු අතරින් වඩින තුරා
සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින තුරා
සිව්පද කියමු රට ඉසුරෙන් පිරෙන තුරා
සඳ දෙවියන් තරු අතරින් වඩින තුරා
සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින තුරා
සිව්පද කියමු රට ඉසුරෙන් පිරෙන තුරා
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්
කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහිපල නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැහිපල නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ
කැලේ කපා වැට බැන්ඳා කැත්ත දනී
කුඹුර පුරා දිය බැන්ඳා කුඹුර දනී
සීනි කකා පැල් ලැග්ගා පැදුර දනී
මෙදා පැලේ වී අඩුවා අටුව දනී
කුඹුර පුරා දිය බැන්ඳා කුඹුර දනී
සීනි කකා පැල් ලැග්ගා පැදුර දනී
මෙදා පැලේ වී අඩුවා අටුව දනී
පෙර කලේ කරපු අකුසල් වල අපලා
මෙම කලේ විඳිමු දුක් පැල්වලට වෙලා
රජ කලේ සිටන් පුරුදුයි පැල් ලැගලා
ලොකු රාලේ කියන් පැල්කවි තෝරාලා
මෙම කලේ විඳිමු දුක් පැල්වලට වෙලා
රජ කලේ සිටන් පුරුදුයි පැල් ලැගලා
ලොකු රාලේ කියන් පැල්කවි තෝරාලා
නෙළුම් කවි
ගැමියන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනෙන් පසුව එළඹෙන විවේක කාලය ගොඩ ගොවිතැනින් භෝග වර්ග නිපදවා ගැනීමට යොදා ගනී. බිම සැකසීම, වැපිරීම, පැළ සිටුවීම, මල් නෙළීම, අස්වනු නෙළීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී කාන්තා සහය ද ලබා ගනී.ගොයම් කැපීමේ කාර්යයට පෙර ද දෙවියන්ගේ අවසර ලබා ගැනීම ගැමියන් ගේ සිරිතකි. ඉතා ගෞරවනීය ආකාරයෙන් ඉර සඳ හා මිහිකත දෙවියන්ගෙන් අවසර ලබා ගනී.
තෙල්ගාලා හිස පීරන් නෑනෝ
ඇටවැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙළන්නට අපි යමු නෑනෝ
ඇටවැල අරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙළන්නට අපි යමු නෑනෝ
කෙනෙක් කවිය පුරමින් මුල් පදය කියනවා
අනෙක් සැවොම එම පදයම රුවට කියනවා
නොයෙක් තාලේ කවි සී පද කියා නෙළනවා
රැසක් පිරිස් එක් වී කවි අසා සිටිනවා
අනෙක් සැවොම එම පදයම රුවට කියනවා
නොයෙක් තාලේ කවි සී පද කියා නෙළනවා
රැසක් පිරිස් එක් වී කවි අසා සිටිනවා
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්
මහවැලි ගඟේ දිය බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්
බැරිය කිය කියා තැන තැන නොසිටිල්ලා
හරිය කිය කියා ගොයමේ සිටපල්ලා
විරිය සිතින් කවි සී පද කරපල්ලා
කිරි දී කිරි කිරි පැණි දෙන් දැනගල්ලා
හරිය කිය කියා ගොයමේ සිටපල්ලා
විරිය සිතින් කවි සී පද කරපල්ලා
කිරි දී කිරි කිරි පැණි දෙන් දැනගල්ලා
කමත් කවි
කැපු ගොයම එක්රැස් කර තබන ස්ථානය කමත ය. ගොයම පෑගීම මැඩීම බොහෝ විට රාත්‍රි කාලයේ දී ද සිදු වේ. මේ අතර තුර ඇතිවන නිදිමත ගතිය වෙහෙස කාන්සිය මකා දැමිමට කියන ලද ජනකවි ‘කමත් කවි’ යනුවෙන් අදහස් කෙරේ. උකුණු ගහ, බානා, කටුමානා, යතුර, දැත්ග ආදී කමතේදී භාවිත කරන සුවිශේෂී භාෂාවක් ද තිබේ.
වැද්ද නොදී කම්මැලි ඇරපල්ලා
යුද්ධ ලෙසට සැරසී සිටපල්ලා
සුද්ද වචන කවි පද පවසල්ලා
සද්ද නාද ඝෝෂා කරපල්ලා
යුද්ධ ලෙසට සැරසී සිටපල්ලා
සුද්ද වචන කවි පද පවසල්ලා
සද්ද නාද ඝෝෂා කරපල්ලා
බල බල සවියෙන් වැඩ කරපන්නේ
කෙළ කෙළ ඇත් රළ සේ සිට ගන්නේ
රැළ රැළ යන ලෙස අහුරු දමන්නේ
කෙළ පළ කර ගොයම් සිට ගන්නේ
කෙළ කෙළ ඇත් රළ සේ සිට ගන්නේ
රැළ රැළ යන ලෙස අහුරු දමන්නේ
කෙළ පළ කර ගොයම් සිට ගන්නේ
කරලා ආදර කැදවා ගන්නේ
වැරලා මද ගොයමේ සිට ගන්නේ
වැරලා මද ගොයමේ සිට ගන්නේ
කරලා වැඩ දියවර නා ගන්නේ
වැරලා මද ගොයමේ සිට ගන්නේ
වැරලා මද ගොයමේ සිට ගන්නේ
කරලා වැඩ දියවර නා ගන්නේ
ඉඳිමින් කුඹුරට ගිය කල එකලා
අදිමින් තැන තැන වට මලු කරලා
බඳිමින් කමතක් බිම සොමි කරලා
අඳිමින් කොළ කමතේ ගොඩ කරලා
අදිමින් තැන තැන වට මලු කරලා
බඳිමින් කමතක් බිම සොමි කරලා
අඳිමින් කොළ කමතේ ගොඩ කරලා

Thank you teacher!
ReplyDelete